39391337_1989709217754494_3496208979304906752_n
Paul Samuelson - American economist
යම් සන්දර්භයක් පරාජය කරන්න අවශ්‍ය නම් ඔවුන් ව ප්‍රතිවිරෝධයට හසුකර ගත යුතු යි. මහා අාඛ්‍යානයට විරුද්ධ කුඩා අඛ්‍යානවල ප්‍රතිවිරෝධය තීව්‍රර කරන තරමට මහා ආඛ්‍යානය බලවත් වෙනවා. මහා අඛ්‍යානය කඩාකප්පල් කරන තැනට ප්‍රතිවිරෝධකයන් පත් කළ යුතු යි. දේශපාලන බලය ශක්තිමත් කරන්න අවශ්‍ය වන්නේ විවේචකයන්. මේ විවේචකයන් රට අරාජික අවස්ථාවල වැඩියෙන් එයාලගෙ මුහුණු පෙන්වනව. වැඩියෙන් කෑගහන්න පටන්ගන්නව. එතකොට අපිට පුළුවන් එයාලව තව මේ ප්‍රතිවිරෝධයට පොළඹවන්න. මූලික අභිප්‍රායය රාජ්‍ය බලය ලබාගැනීම නම් විරුද්ධවාදීන්ගේ විවේචන ශක්තිමත් කරන්න අවශ්‍යයි. ඔවුන්ම තමයි එතකොට අපිට අවශ්‍ය දෙය කරල දෙන්නෙ. මේ වෙලාවට අපේ සතුරා වෙන්නෙ අපට පක්ෂ අය මිසක් විපක්ෂ අය නොවෙයි. මිතුරන් එක්ක විනෝද වෙනවට වඩා විරුද්ධවාදීන් එක්ක ගැටුම් ඇතිකරගන්න හැකි නම් ජය ගැනීම පහසුයි.

සමරකෝන් පතිරාජ